සංක්‍රමණ සහ පදිංචිය සම්බන්ධයෙන් 1973 අංක 6 දරණ ෆෙඩරල් නීතියේ 11 වන වගන්තියේ පැහැදිලිවම සඳහන් වන්නේ “සංචාරක වීසා බලපත්‍රයක් ලබා ගන්නා අයෙක් රටේ ඕනෑම තැනක වැටුප් සහිතව හෝ රහිතව රැකියාවක නියැලීම නීතිවිරෝදී බවත්, එසේ කර අසුවුවහොත් ඔහුගේම "දඩ මුදල" ඔහුම ගෙවිය යුතු බවත්"
මීට අමතරව, 2007 සඳහා අංක 7 දරණ ෆෙඩරල් නියෝග නීතියට අනුව, සංචාරක වීසා මත පුද්ගලයකු සේවයේ යොදවා ඇති ඕනෑම සේවා යෝජකයෙකු MoHRE විසින් සොයා ගනු ලැබුවහොත්, එක් සේවකයෙකුට ඩොලර් 50,000 ක දඩයක් නියම කරනු ඇත. වරද නැවත නැවත සිදුවුවහොත්, දඩ මුදල දෙගුණ වේ.
ඉහත සඳහන් නීතිය උල්ලංගනය කරන විදේශ සේවා යෝජකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර, නැවත ඇතුළු වීම ජීවිතාන්තය දක්වා තහනම් කරනු ලැබේ.
No comments:
Post a Comment