ආයෙමත් ලියනවා, තේරෙන සින්හලෙන් .. සරලව !
1. UAE Labour Department එකෙන් කිසිම තැනක කියලා නැහැ සැලරි එක අඩු කරන්න කියලා. ඒත් පවතින ඉකොනොමි එකත් එක්ක ආයතන වලට පහසුකම් සපයලා තියෙනවා, සැලරි එක යම්කිසි ප්‍රතිශතයකින් අඩු කරාට කමක් නැහැ කියලා. ඒ වගේම එහෙම අඩු කරන්න පුලුවන් කාල සීමාව මාස 3 සිට 6 දක්වාත්, එහෙම අඩු කරනව නම්, Labour Department එකෙන් තාවකාලිකව හදුන්වලා දීලා තියෙන Additional Temporary Annex එක මගින් ලේබර් එකට දැනුම් දිය යුතු බවත් පැහැදිලිවම කියලා තියෙනවා. සැලරි අඩු කරන්න ආයතන වලට අයිතිය දීලා තියෙන්නේ කොයි තරම් කාලයකටද කියන එක ගැන තවම තීරණයක් නැහැ. සමහරවිට තව අව්රුද්දක් දෙකක් යනකම් උනත් ඒක තියෙන්න පුලුවන්..!
2. ඔයාගේ කම්පැනි එකෙන් අන්පේඩ් ලිව් දෙනවා නම් මාස 3ක අවමයකටත් මාස 6ක උපරිමයකටත් යටත්ව Labour Department එකෙන් හදුන්වලා දුන්න Additional Temporary Annex එකෙන් ඒ සම්බන්ධව ලේබර් එකට දැනුම් දෙන්න ඕන. අන්පේඩ් ලිව් කොයි තරම් කාලයක් යනකම් දීර්ග කරන්න පුලුවන්ද කියලා පැහැදිලිවම සටහනක් නැති උනත්, මාස තුනෙන් තුනට හෝ මාස හයෙන් හයට දීර්ග කිරීමේ පහසුකම දීලා තියෙනවා. ඒ වගේම අන්පේඩ් ලිව් දෙනවා නම් ඒ දෙන්න පුලුවන් Employee සහ Employer කියන දෙන්නගෙම Mutual Understand එකෙන්. අනේ දැන් ඉතින් එහෙම කියලා, මම අකමැති උනත් මට නිවාඩු දුන්නනේ කියන්න එපා. ආයතනය වහලා නම්, බිස්නස් නැත්නම්, ඔයාගේ සේවය මේ වෙලාවේ ආයතනයට අවශ්‍ය නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාටත් අන්පේඩ් ලිව් දීලා ඇති. අන්පේඩ් ලිව් ඉන්න අයට Company Accomodation හෝ Accomodation Allowance එකක් වගේම Food Allowance එකක් දෙන්න කියලා තමා ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් කියලා තියෙන්නේ.
3. ඇනුවල් ලිව් බැලන්ස් එකක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔයාගේ ආයතනයෙන් ඔයාට සියලුම නිවාඩු ගන්න කියලා ඇති. ඔව්, ආයතනයට එහෙම කරන්න පුලුවන්. ඒ වගේම ඇනුවල් ලිව් ඉන්න ඔයාට ආයතනයෙන් ගෙවන්න ඕන Basic Salary එක සහ Accomodation Allowance එක විතරයි.
4. ඔයාට රිසයින් වෙන්න කිව්වද ආයතනයෙන්? ඒ කියන්නේ අස්වීමේ ලිපිය දෙන්න කිව්වද? කිසිම ආයතනයකට බැහැ සේවකයෙක්ට බලපෑම් කරන්න ආයතනයෙන් අයින් වෙන්න කියලා. ඒ හින්දා එයාලා කිව්ව නිසා මම ලියුම දුන්නා කියන මෝඩ වැඩේ නම් කරන්න එපා. එහෙම අහන ආයතන වලට කෙලින්ම කියන්න, බැහැ කියලා. මෙහෙම කිව්වම ඉතින් එයාලා ඔයාව ආයෙමත් වැඩට ගනියි කියලා නම් හිතන්න එපා. ගොඩක් වෙලාවට කම්පැනි එකෙන් ඔයාව ටර්මිනේට් කරයි. එහෙම උනොත් අඩුම ගානේ ඔයාට නෝටිස් පේ එකක් එක්ක රටින් පිට වෙන්න ටිකට් එක හරි ලැබේවි.
5. ඔයාව ආයතනයෙන් අයින් කරාද? ඒ කියන්නේ ටර්මිනේට් කරාද? ඔව්, ඕනම ආයතනයකට එහෙම කරන්න පුලුවන්, යම් කිසි නීති පද්දතියකට යටත්ව. ඔයගේ ප්‍රොබේශන් පීරියඩ් එක ඉවර කරලා ඉන්නවා නම් විතරක් ඔයාට අවම මාසයක නෝටිස් පේ එකක් දීලා තමයි ඔයාව අයින් කරන්න ඕන. ඒ වගේම ඔයාගේ Gratuity, Annual leave balance තියෙනවා නම් ඒවත් සේරම ගෙවන්න ඕන. ඒ වගේම ඔයාව අයින් කරේ Covid season එකේදි නම්, ඔයා රටින් පිට වෙනකම් නවාතැන් දෙන්නත් food allowance එකක් දෙන්නත් ආයතනය බැදිලා ඉන්නවා.
6. ෆයිනල් සෙට්ල්මන්ට් එක, මේක තමා අනිතිමට ආයතනයෙන් ඔයාට ලබා දෙන ප්‍රතිලාභය. මෙතනදි
I. සේවය කර ඇති සියලුම දින වලට සරිලන වැටුප
II. OT, අතිකාල දීමනා ඇත්නම් ඒ සදහා ගෙවීම්
III. Annual Leave Balance තියෙනවා නම් ඒ සදහා කරන ගෙවීම්
IV. Gratuity Pay
V. Notice Pay
කියන දේවල් ගෙවන්න ඕන සහ ඒ සදහා කරන ගෙවීම් විස්තර පැහැදිලිව සදහන් කරලා තියෙන්න ඕන.
ඒ වගේම ඔයාගේ කම්පැනි එකට ඉහත සදහන් ගෙවීම් කල නොහැකි තත්ත්වයක ආර්තික පසුබෑමක් තියෙනවා නම්, ආයතනයට පුලුවන් වාර කීපයකින් ඔයාට ගෙවීම් කරන්න. ඒ වෙගේ වෙලාවකදි Post Dated Cheque ඔයාට ලබා දේවී.
අනිතිම ලියන්නම්,
කිසිම ආයතනයකට බැහැ එයාලගේ සේවකයින්ව අතරමන් කරන්න. වීසා එක ගහපු දවසේ ඉදන් මේ රටින් පිට වෙනකම්ම සේවකයන්ගේ සම්පූර්ණ වගකීම ආයතනය සතුයි.
ඔයාලට වෙන අසාධාරණයකදි, අඩුම ගානේ ලේබර් එකට කෝල් එකක් දීලා ඇඩ්වයිස් එකක් ගන්න. ඔයාලා අපි වගේ වැඩ කරන මිනිස්සුන්ට වෙන අසාධාරණ නිසා තමා ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ පැමිනිලි අන්ශයක් තියෙන්නේ. එතන්න ගිහින් පැමිනිලි කරන්න, ඔයාලගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න.
හැමදේම වෙලා අපි ලගට ඇවිත් උදව් කරන්න කිව්වහම, අපිත් අසරණ වෙනවා.
පරිස්සමට ඉන්න එහෙනම්
මම
එරන්දි නනායක්කාර
Jobs4Lankans
No comments:
Post a Comment