Wednesday, 15 July 2020

ඔයත් ජොබ් එකක් හොයන කෙනෙක්ද?

1. CV එක නිවැරැදිව හදා ගන්න. අයදුම් කරන රැකියාවට අනුව CV එක අප්ඩේට් කරන්න. එක් නිවැරදි ෆෝන් නම්බර් එකක් තියාගන්න. එක CV එකක් අරන් හතර අතේ බෙදාගෙන ගියාට, ඒකෙන් හම්බෙන්න ප්රතිපලයක් නැතිම තරම්.

2. ෆෝන් එක ආන්සර් කරන්න. ඊමේල් චෙක් කරන්න. උදේ 9ට ඔයාට කතා කරපු කෙනෙකුට දවල් 12ට නැගිටලා මට ඔයාගේ කෝල් එක මිස් උනා මම දැන් තමා අවදි උනේ., අනේ සොරි කිව්වට වැඩක් නැහැ. ඒ වෙනකොට ඔයාව හැලිලා ඉවරයි

3. Over Demand කරන්න යන්න එපා. ඔව්, ඔයා ටොප් ටැලන්ට් එකක් වෙන්න ඇති. ඒ උනාට මේ වෙලාවේ ඒක අදාලම නැහැ. සුහදශීලි වෙන්න. සවයිව් වෙන්න ඕනම දෙයක් බාර ගන්න

4. ඉන්ටවිව් එකකට කෝල් කරානම්, සූදානම් වෙලා යන්න. විශය කරුණු දැනන් යන්න. Self introduction එකක් හදා ගන්න. අදාල දේවල් විතරක් කතා කරන්න. මතක් කරලා අතට අත නොදී ඉන්න 🙈

5. ජොබ් සයිට් එකකින් ජොබ් ඇප්ලයි කරනවා නම්, ජොබ් එකක් පෝස්ට් කරලා පැයක් දෙකක් ඇතුලත් ඇප්ලයි කරන්න බලන්න.
කම්පැනි වලට CV දානවා නම් රෑ 12න් පස්සේ දාන්න. එතකොට ඔයාලේ ඊමේල් එක තමා උඩම තියෙන්නේ.

ඔයාගේ CV එක තැන් 100කට පෝස්ට් කරොත්, ඔයාට එක තැනකින් කෝල් එකක් ඒවි. ඔන්න ඕකයි දැන් තත්වේ.

හැමදේම සාමාන්යයි කිව්වට කිසිම දෙයක් සාමාන්ය නැහැ. ඉස්සරහට එන හැම දවසක්ම හොදද නරකද කියලා තීරණය වෙන්නේ ඔයා අද කරන දේ අනුව කියලා අමතක කරන්න එපා.

පරිස්සමට ඉන්න එහෙනම්.

මම,
එරන්දි නානායක්කාර

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...