කැනේඩියානු රජය 2021 සිට 2023 දක්වා කාලය තුළ නව ස්ථීර පදිංචිකරුවන් 1,233,000 ක් පමණ රට තුළට පිළිගැනීමට සැලසුම් කර ඇති අතර කැනඩාවේ විශ්ව විද්‍යාල පවසන පරිදි එය ජාත්‍යන්තර සිසුන්ට ඉතාමත් හොද අවස්තාවන් උදාකරනු ඇත.
කැනඩාව 2021 දී නව ස්ථිර පදිංචිකරුවන් 401,000 ක්, 2022 දී 411,000 ක් සහ 2023 දී 421,000 ක් පිළිගැනීමට අපේක්ෂා කරයි - අධ්‍යයන කටයුතු වලින් පසු රට තුළ රැඳී සිටින ජාත්‍යන්තර සිසුන් විසින් අර්ධ වශයෙන් සාක්ෂාත් කර ගනු ඇතැයි ඔවුන් පවසයි.
“අලුතින් ප්‍රකාශයට පත් කරන ලද මෙම සංක්‍රමණ ඉලක්ක ජාත්‍යන්තර සිසුන්ට හොද අවස්ථාවක් වන අතර ලොව පුරා සිටින දක්ෂ කුසලතා පිළිගැනීමට කැනඩාව උනන්දු වන බව” කැනඩාවේ විශ්ව විද්‍යාලවල පර්යේෂණ හා බාහිර සම්බන්ධතා අධ්‍යක්ෂ වෙන්ඩි තෙරියන් ද PIE පුවත් සේවයට පැවසීය.
“කැනේඩියානු විශ්ව විද්‍යාල වල උපාධිධාරීන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලින් පසු කැනඩාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් සංක්‍රමණය සඳහා රජයේ පැහැදිලි මාර්ගවලින් ප්‍රයෝජන ගත හැකිය.
Read more
https://thepienews.com/news/positive-signal-to-intl-students-as-canada-sets-immigration-targets/
No comments:
Post a Comment