Tuesday, 18 May 2021

How to write an effective CV

 :: How to write an effective CV ::


ඔබ රැකියාවක් සොයමින් ඉන්න කෙනෙක්


මනස සැහැල්ලුවෙන්ම තියෙන අවස්තාවක් නෙමෙයි. කලබලෙන් /අසරනකමින් ඉන්න වෙලාවක්.

මගෙ CV එක කියවයිද ? මට interview call කරයිද ? හොද රැකියාවක් ලැබෙයිද ? පඩි කොහොම වෙයිද ? ප්රශ්න ගොඩයි

CV එක යැව්ව .. මට experience තියෙනව .. සුදුසුකම් තියෙනව .. ලස්සන පින්තූරයක් දැම්ම .. නමුත්, කිසිම උත්තරයක් තාම නැහැ

මේක අපි අතරෙ ඉන්න ගොඩක් අයට සිදු වෙන දෙයක්

අපි බලමු මොකද්ද වෙන්නෙ කියල මෙතන

1. ඔබගේ CV එක, ඔබගේ Sales Agent කියල හිතා ගන්න .. CV එක තමයි ඔබ කවුද කියන එක CV එක බලන කෙනාට කියන්නෙ.

CV එක බලන කෙනා external recruiter කෙනෙක් නම්, ඔබට සිදු වෙනවා ඔහුගේ / ඇයගේ සිත දිනාගන්න. එතකොට තමයි ඔබගේ CV එක End Client ට submit කරන්නෙ එයාල.

ඒක නිසා, CV එක ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඔබගේ CV එක ඔබගේ අනාගතයේ සහකරු වගේම අනාගතය අදුරු කරන කෙනා වෙන්නත් පුලුවන්

ඔබ දැනට ඉන්න තැනේ හැටියට අපිට අපේ CV එක වර්ග කරන්න පුලුවන්

a) අද්යාපනය ලගදි ඉවර කරපු අය (experience එක අඩුයි, energy එක වැඩියි).

b) අවුරුදු පහක් වගේ experience එක තියෙන, තාම තමන්ගෙ career path එක හදාගන්න උත්සාහ කරන අය. රැකියාවෙ stream එක වෙනස් කරන්න අකමැති නැහැ මේ අය

c) අවුරුදු දහයක් වගේ experience තියෙන matured අය. ගොඩක් අවස්තාවල මේ අය තමන් දැනට ඉන්න stream එකේම රැකියාවක් හොයන්නෙ

මේ අයගෙ CV වල structure එක සහ අන්තර්ගතය වෙනස්. ඒක නිසා හැමෝම එකම CV format එකක් පස්සෙ දුවන්න හදන්න එපා

CV වර්ග දෙකක් තියෙනව
- Chronological (traditional) CV
- Skill based (Functional) CV

අද්යාපනය ලගදි ඉවර කරපු අයට Traditional CV type එක ගැලපෙනව

Experience තියෙන අයට Skill based CV type එක වඩාත් ගැලපෙනව

2. තමන් කැමති CV format එකක් තෝරගන්න. නමුත් පාට පිරුනු fancy formats තෝර ගන්න එපා. බලන කෙනාට ලේසියෙන් කියවන්න පුලුවන් විදිහට CV එක හදන්න

3. CV එකේ format එක ගැන කල්පනාකාරී වෙන්න

උඩ යට / දෙපැත්තේ margins තියන්න. A4 print එකේදි, කිසිම content එකක් කැපෙන්න දෙන්න එපා

Footer එකක් දාන්න .. page #s .. CV එකේ නම

CV එක ඇතුලෙ භාවිතා කරන Font face එක සහ Font size එක ගැන ඉතාමත් කල්පනාකාරී වෙන්න.

හැමෝටම කියවන්න ලේසි පහසු font එකක් තෝරාගන්න

- Arial
- Calibri
- Tahoma
- Georgia
- Trebuchet
- Verdana
- Centuary Gothic

Font size එක ගොඩක් ලොකු කරන්නත් එපා. පොඩි කරන්නත් එපා.

100% screen size එකෙන් බලන්න. නැත්නම් print කරල බලන්න

Headings and sub-headings හරියට භාවිතා කරන්න

4. CV header

ඔබගේ නම දාන්න උඩින්ම. නමේ භාවිතා වෙන පලවෙනි සහ දෙවෙනි නම දාන්න .. ඒ ඇති

ලන්කාවේ අයගෙ නම් ගොඩක් දිගයි. ඒ ඔක්කොම දාන්න එපා CV එකේ පලවෙනි පිටුවෙ

Font එක 14-16 වගේ උනාට කමක් නැහැ

ඊට පස්සෙ, ඔබගේ contact details දාන්න

Phone numbers දෙකක් ඇති. මතක ඇතුව මේ phones charge කරල ලග තියා ගන්න (mute එකේ නැතුව)

Email ID එක දාන්න.

Naughty_kaushi@gmail.com, mad_sampath@yahoo.com වගේ fancy email IDs භාවිතා කරන්න එපා CV එකක

ඔබගේ වල, ඔබම කපා ගැනීමක් ඒක

එච්චරයි. ගෙදර address එක අවශ්ය නැහැ

5. පින්තූරයක් දැමීම

යුරෝපා රටවල පින්තූර දාන්නෙ නැහැ CV එකේ.

නමුත් ME රටවල /ලන්කාවෙ, මූනත් තහඩුව, හමේ පාට රැකියාවට බලපානව (කරන්න දෙයක් නැහැ ඒකට)

Professional /high quality ලගදි ගත්තු color පින්තූරයක් භාවිතා කරන්න

පිරිමි - රැවුල /කොන්ඩෙ පිලිවෙලට කපන්න. Shirt එක iron කරන්න. Collar එක ලස්සනට තියාගන්න. Tie එකක් /suit එකක් භාවිතා කරනවනම්, පිලිවෙලට

ගැහැනු - Makeup වැඩියෙන් අවශ්ය නැහැ .. ඇදුම ගැන සිතන්න. Deep cut - skin over exposed (සින්හලෙන් කිව්වොත් කැලි එලියෙ දාගෙන ඉන්න) පින්තූර භාවිතා කරන්න එපා CV එකට

6. CV එකේ අන්තර්ගතය / Contents

a) අද්යාපනය ලගදි ඉවර කරපු අයගෙ CV එකේ තියෙන්න අවශ්ය මේ දේවල්

- Contact information
- Personal statement
- Education
- Work experience (if you’ve got none, skip this section)
- Skills
- Social works
- Honors and Awards
- Volunteer Experience
- Certifications and Trainings
- Personal Info
- Hobbies and Interests

b) Mid - Senior Level experience තියෙන අයගෙ CV එකේ මේ දේවල් තියෙන්න අවශ්යයි

- CV header with name and contact details
- Personal profile
- Clear Objective
- Skills and Key Achievements
- Work Experience summary
- Work experience breakdown
- Academic Qualifications
- Professional Experience
- Certifications / Trainings
- Personal info
- Hobbies and Interests

ඔබගේ රැකියාවට අනුකූල වෙන personal profile / objective / skills samples ඕන තරම් තියෙනව internet එකේ.

හැබැයි බොරු දාන්න එපා CV එකේ. තමන්ගෙ personality එකට ගැලපෙන දේවල් විතරක් දාන්න

Interview එකේදි බොරු දාපු CV එකක් හරිම ලේසියෙන් අල්ල ගන්න පුලුවන්.

Experience තියෙන අය, එකම දේ ගොඩක් පාරක් ලියන්න එපා. (Under each company they have worked). Summarize කරන්න experience and skills

හැම ආයතනයකම වැඩකරපු දේවල් ගොඩාක් දාන්න එපා. Items 5-6 ක් ඇති

Font size එක ගැන අවබෝදයෙන් ඉන්න. 10-11 වගේ හොදයි (font trype එක මත)

Sub headers / Tabs භාවිතා කරන්න පිලිවෙලට

7. වැඩකරපු පරන company වල logos දාන්න එපා. websites දාන්න එපා.

අනවශ්ය පාට පුරවපු, වැඩකෑලි දාපු formats වලට යන්න එපා.

මම දැකල තියෙනව experience සහ qualifications ගොඩක් තියෙන අයගෙ CV. අපිලිවෙලයි, තොරතුරු වැඩියි, මුල අග හොයා ගන්න බැහැ

කිසිම content එකක් photo වශයෙන් දාන්න එපා. ATS app වලට ඒව කියවන්න බැහැ

8. CV එක පිටු දෙකකට සීමා කරගන්න බලන්න. ඊට වැඩි උනොත්, ඒ අවුරුදු 15 කට වඩා experience වැඩි, ශේත්ර ගොඩක වැඩකරපු අයගෙ

9. CV එකේ grammar සහ spelling check කරන්න අමතක කරන්න එපා

ඉතා වැදගත්

10. CV එක හදල ඉවර උනහම ඒක හරියට save කරන්න.

පැහැදිලි file name එකක් දීල

CV of xxxx_xxxxx.doc
CV of xxxx_xxxxx.pdf

ගොඩක් recruiters ල CV එක එවන්න ඕන format එක කියනව.

හරියට ජොබ් පෝස්ට් එක කියවල, අයදුම් කරන්න

11. දැන් තියෙන Automated Applicant Tracking System (ATS) වලට PDF read කරන්න පුලුවන්

ඔබ කලයුත්තේ, ඔබේ CV එකේ key words පුලුවන් තරම් තියා ගන්න එක.

මේ තියෙන්නෙ CV එකක තියෙන්න අවශ්ය key words වලට sample එකක්

" xxxxxxx xxxxxxxx xxxxxxxx 5 years professional graphic design experience xxxxxxx xxxxxxxx xxxxxxxx Proficient in Adobe Photoshop CC xxxxxxx xxxxxxxx xxxxxxxx Image database management skills xxxxxxx xxxxxxxx xxxxxxxx "

--- Summary ---

මතක තියා ගන්න .. පලවෙනි පිටුව සහ පලවෙනි තප්පර 10 තමයි ඔබගේ CV එක ගැන තීරණය ගන්නෙ

CV එක බලන කෙනා මේ කාලය තුල ඔබ ගැන, ඔබගේ CV එක තව දුරටත් බලනවද කියන තීරනයට එනව ගොඩක් වෙලාවට

පිලිවෙලට ඉන්න, professional පින්තූරයක් උදව් වෙන්න පුලුවන්

තමන්ගෙ CV එක වෙනුවෙන් කාලය යොදවන්න.

නොමිලයේ CV එකක් හදාගන්න පුලුවන් websites තියෙනව

එහෙමත් නැත්නම්, මුදල් ගෙවා පිටින් කරගන්න. ඔබගේ අවශ්යතාවයට සහ වෙලාව තියෙන අනුව වැඩේ කරගන්න

නමුත්.. බාගෙට හදපු incomplete CV එකක් /එහෙම නැත්නම් contents overload කරපු messy CV එකක් තමන් කැමතිම රැකියාවකට යවල, ඒ රැකියා අවස්තාව නිරපරාදෙ නැති කරගන්න එපා

ඔබට ජය

මම සන්ජීව

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...