ඊයෙ මම ලිව්වෙ ලාන්කික අපේ ලේ වලම තියෙන අපිලිවෙල සහ කම්මැලි ගතිය ගැන.
අද මම ලියන්නම්, මේ ගතියෙන් එලියට ඇවිත්, කොහොම හරි රැකියාවක් සොයා ගන්න උත්සාහ කරන්න අවශ්ය විදිහ
1.) තමන්ගේ CV එක හදාගන්න
පලමුව, තමන්ගෙ CV එක හරියට පිලිවෙලට හදාගන්න. පිටු දෙකක් හොදටම ඇති. Experience එක වැඩිම කෙනෙක්ගෙ පිටු තුනක්
CV එකක් හරියට සකස් කරගන්න විදිහ මම ඊලග ලිපියෙ කියන්නම්
CV එක හරියට නම් කරන්න. 'CV of ගිරිගෝරිස් මොට්ටපාල' වගේ. 

CV එක PDF version එකෙන් තියාගන්න. (Original format එක වෙනම තියා ගන්න)
2.) CV එකේ අපි විස්තර ගොඩක් දානවනෙ. ඒවට අදාල Supporting documents හරියට තියාගන්න.
Supporting Documents කියන්නෙ මෙන්න මේවගේ ඒවට
a) Educational certificates
b) Professional certificates
c) Experience letters
d) Recommendation letters
e) Achievement certificates / letters
හැම file name එකක්ම පැහැදිලිව නම් කරන්න
Ex 1 : ගිරිගෝරිස් මොට්ටපාල_experience letter_company name.pdf
Color scan copies PDF format එකෙන් තියාගන්න
3) Passport Copy / NIC copy / Passport size photograph
මේ දේවල් සමහර රැකියාවල් වලදි ඉල්ලනව.
ඒක නිසා, කලින් ලෑස්ති වෙලා ඉන්න
Mobile phone වලින් scan කරල එවන්න එපා. කැතයි, අපිලිවෙලයි
4) Job post එකක් දැක්කහම, උඩින් පල්ලෙන් කියවන්න එපා. හරියට වෙලාව අරගෙන කියවන්න
තමන්ට ගැලපෙන රැකියාවක් නම්, ඒකට අයදුම් කරන්න.
Post එකේ ඉල්ලල තියෙන දේවල් විතරක් දාන්න
5) Email subject line
අපි application එකක් යවනකොට, email එකේ subject line එක තමත් ඉතාමත්ම වැදගත්
මොකද email එක බලන කෙනාට ඉස්සෙල්ලම පේන්නෙ email එකේ subject line එක
ඒක අපැහැදිලි නම්, එතනින්ම ඔබගේ application එක කුනු කූඩෙට
මෙහෙම ලියන්න
Application for the post of 'xxxxxxxxxxx'
සරලයි .. තව මොනව හරි subject line එකේ දාන්න කියල තිබුනොත්, ඒකත් දාන්න
6) email body එක
ඉතාමත් වැදගත් ..
ඔබගේ application එක මොන රැකියාවටද
කොහෙන්ද මෙම රැකියාව ගැන දැනගත්තෙ,
ඔබගේ ඉගෙනීම / experience / සහ අනෙකුත් positive දෙවල් ගැන කෙටි සටහනක්
ඔබ දැනට ඉන්න රට / වීස status / contact number එක
මොන documents ද email එකේ ඇතුලත් කරල තියෙන්නෙ කියන එකත් ලියන්න
7) email එකේ ප්රමානය
අමතක කරන්න එපා, ඔබගේ attachments පුලුවන් තරම් අඩු file sizes වලින් තියාගන්න
Email එක below 5MB limit එකේ තියා ගන්න බලන්න
නැත්නම්, email එක reject වෙයි. අපරාදෙ
දැනට මේ ඇතිනෙ .. ඔබට ජය
No comments:
Post a Comment