:: How to write an effective CV ::
ඔබ රැකියාවක් සොයමින් ඉන්න කෙනෙක්මනස සැහැල්ලුවෙන්ම තියෙන අවස්තාවක් නෙමෙයි. කලබලෙන් /අසරනකමින් ඉන්න වෙලාවක්.මගෙ CV එක කියවයිද ? මට interview call කරයිද ? හොද රැකියාවක් ලැබෙයිද ? පඩි කොහොම වෙයිද ? ප්රශ්න ගොඩයිCV එක යැව්ව .. මට experience තියෙනව .. සුදුසුකම් තියෙනව .. ලස්සන පින්තූරයක් දැම්ම .. නමුත්, කිසිම උත්තරයක් තාම නැහැමේක අපි අතරෙ ඉන්න ගොඩක් අයට සිදු වෙන දෙයක්අපි බලමු මොකද්ද වෙන්නෙ කියල මෙතන1. ඔබගේ CV එක, ඔබගේ Sales Agent කියල හිතා ගන්න .. CV එක තමයි ඔබ කවුද කියන එක CV එක බලන කෙනාට කියන්නෙ.CV එක බලන කෙනා external recruiter කෙනෙක් නම්, ඔබට සිදු වෙනවා ඔහුගේ / ඇයගේ සිත දිනාගන්න. එතකොට තමයි ඔබගේ CV එක End Client ට submit කරන්නෙ එයාල.ඒක නිසා, CV එක ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඔබගේ CV එක ඔබගේ අනාගතයේ සහකරු වගේම අනාගතය අදුරු කරන කෙනා වෙන්නත් පුලුවන්ඔබ දැනට ඉන්න තැනේ හැටියට අපිට අපේ CV එක වර්ග කරන්න පුලුවන්a) අද්යාපනය ලගදි ඉවර කරපු අය (experience එක අඩුයි, energy එක වැඩියි).b) අවුරුදු පහක් වගේ experience එක තියෙන, තාම තමන්ගෙ career path එක හදාගන්න උත්සාහ කරන අය. රැකියාවෙ stream එක වෙනස් කරන්න අකමැති නැහැ මේ අයc) අවුරුදු දහයක් වගේ experience තියෙන matured අය. ගොඩක් අවස්තාවල මේ අය තමන් දැනට ඉන්න stream එකේම රැකියාවක් හොයන්නෙමේ අයගෙ CV වල structure එක සහ අන්තර්ගතය වෙනස්. ඒක නිසා හැමෝම එකම CV format එකක් පස්සෙ දුවන්න හදන්න එපාCV වර්ග දෙකක් තියෙනව- Chronological (traditional) CV- Skill based (Functional) CVඅද්යාපනය ලගදි ඉවර කරපු අයට Traditional CV type එක ගැලපෙනවExperience තියෙන අයට Skill based CV type එක වඩාත් ගැලපෙනව2. තමන් කැමති CV format එකක් තෝරගන්න. නමුත් පාට පිරුනු fancy formats තෝර ගන්න එපා. බලන කෙනාට ලේසියෙන් කියවන්න පුලුවන් විදිහට CV එක හදන්න3. CV එකේ format එක ගැන කල්පනාකාරී වෙන්නඋඩ යට / දෙපැත්තේ margins තියන්න. A4 print එකේදි, කිසිම content එකක් කැපෙන්න දෙන්න එපාFooter එකක් දාන්න .. page #s .. CV එකේ නමCV එක ඇතුලෙ භාවිතා කරන Font face එක සහ Font size එක ගැන ඉතාමත් කල්පනාකාරී වෙන්න.හැමෝටම කියවන්න ලේසි පහසු font එකක් තෝරාගන්න- Arial- Calibri- Tahoma- Georgia- Trebuchet- Verdana- Centuary GothicFont size එක ගොඩක් ලොකු කරන්නත් එපා. පොඩි කරන්නත් එපා.100% screen size එකෙන් බලන්න. නැත්නම් print කරල බලන්නHeadings and sub-headings හරියට භාවිතා කරන්න4. CV headerඔබගේ නම දාන්න උඩින්ම. නමේ භාවිතා වෙන පලවෙනි සහ දෙවෙනි නම දාන්න .. ඒ ඇතිලන්කාවේ අයගෙ නම් ගොඩක් දිගයි. ඒ ඔක්කොම දාන්න එපා CV එකේ පලවෙනි පිටුවෙFont එක 14-16 වගේ උනාට කමක් නැහැඊට පස්සෙ, ඔබගේ contact details දාන්නPhone numbers දෙකක් ඇති. මතක ඇතුව මේ phones charge කරල ලග තියා ගන්න (mute එකේ නැතුව)Email ID එක දාන්න.Naughty_kaushi@gmail.com, mad_sampath@yahoo.com වගේ fancy email IDs භාවිතා කරන්න එපා CV එකකඔබගේ වල, ඔබම කපා ගැනීමක් ඒකඑච්චරයි. ගෙදර address එක අවශ්ය නැහැ5. පින්තූරයක් දැමීමයුරෝපා රටවල පින්තූර දාන්නෙ නැහැ CV එකේ.නමුත් ME රටවල /ලන්කාවෙ, මූනත් තහඩුව, හමේ පාට රැකියාවට බලපානව (කරන්න දෙයක් නැහැ ඒකට)Professional /high quality ලගදි ගත්තු color පින්තූරයක් භාවිතා කරන්නපිරිමි - රැවුල /කොන්ඩෙ පිලිවෙලට කපන්න. Shirt එක iron කරන්න. Collar එක ලස්සනට තියාගන්න. Tie එකක් /suit එකක් භාවිතා කරනවනම්, පිලිවෙලටගැහැනු - Makeup වැඩියෙන් අවශ්ය නැහැ .. ඇදුම ගැන සිතන්න. Deep cut - skin over exposed (සින්හලෙන් කිව්වොත් කැලි එලියෙ දාගෙන ඉන්න) පින්තූර භාවිතා කරන්න එපා CV එකට6. CV එකේ අන්තර්ගතය / Contentsa) අද්යාපනය ලගදි ඉවර කරපු අයගෙ CV එකේ තියෙන්න අවශ්ය මේ දේවල්- Contact information- Personal statement- Education- Work experience (if you’ve got none, skip this section)- Skills- Social works- Honors and Awards- Volunteer Experience- Certifications and Trainings- Personal Info- Hobbies and Interestsb) Mid - Senior Level experience තියෙන අයගෙ CV එකේ මේ දේවල් තියෙන්න අවශ්යයි- CV header with name and contact details- Personal profile- Clear Objective- Skills and Key Achievements- Work Experience summary- Work experience breakdown- Academic Qualifications- Professional Experience- Certifications / Trainings- Personal info- Hobbies and Interestsඔබගේ රැකියාවට අනුකූල වෙන personal profile / objective / skills samples ඕන තරම් තියෙනව internet එකේ.හැබැයි බොරු දාන්න එපා CV එකේ. තමන්ගෙ personality එකට ගැලපෙන දේවල් විතරක් දාන්නInterview එකේදි බොරු දාපු CV එකක් හරිම ලේසියෙන් අල්ල ගන්න පුලුවන්.Experience තියෙන අය, එකම දේ ගොඩක් පාරක් ලියන්න එපා. (Under each company they have worked). Summarize කරන්න experience and skillsහැම ආයතනයකම වැඩකරපු දේවල් ගොඩාක් දාන්න එපා. Items 5-6 ක් ඇතිFont size එක ගැන අවබෝදයෙන් ඉන්න. 10-11 වගේ හොදයි (font trype එක මත)Sub headers / Tabs භාවිතා කරන්න පිලිවෙලට7. වැඩකරපු පරන company වල logos දාන්න එපා. websites දාන්න එපා.අනවශ්ය පාට පුරවපු, වැඩකෑලි දාපු formats වලට යන්න එපා.මම දැකල තියෙනව experience සහ qualifications ගොඩක් තියෙන අයගෙ CV. අපිලිවෙලයි, තොරතුරු වැඩියි, මුල අග හොයා ගන්න බැහැකිසිම content එකක් photo වශයෙන් දාන්න එපා. ATS app වලට ඒව කියවන්න බැහැ8. CV එක පිටු දෙකකට සීමා කරගන්න බලන්න. ඊට වැඩි උනොත්, ඒ අවුරුදු 15 කට වඩා experience වැඩි, ශේත්ර ගොඩක වැඩකරපු අයගෙ9. CV එකේ grammar සහ spelling check කරන්න අමතක කරන්න එපාඉතා වැදගත්10. CV එක හදල ඉවර උනහම ඒක හරියට save කරන්න.පැහැදිලි file name එකක් දීලCV of xxxx_xxxxx.docCV of xxxx_xxxxx.pdfගොඩක් recruiters ල CV එක එවන්න ඕන format එක කියනව.හරියට ජොබ් පෝස්ට් එක කියවල, අයදුම් කරන්න11. දැන් තියෙන Automated Applicant Tracking System (ATS) වලට PDF read කරන්න පුලුවන්ඔබ කලයුත්තේ, ඔබේ CV එකේ key words පුලුවන් තරම් තියා ගන්න එක.මේ තියෙන්නෙ CV එකක තියෙන්න අවශ්ය key words වලට sample එකක්" xxxxxxx xxxxxxxx xxxxxxxx 5 years professional graphic design experience xxxxxxx xxxxxxxx xxxxxxxx Proficient in Adobe Photoshop CC xxxxxxx xxxxxxxx xxxxxxxx Image database management skills xxxxxxx xxxxxxxx xxxxxxxx "--- Summary ---මතක තියා ගන්න .. පලවෙනි පිටුව සහ පලවෙනි තප්පර 10 තමයි ඔබගේ CV එක ගැන තීරණය ගන්නෙCV එක බලන කෙනා මේ කාලය තුල ඔබ ගැන, ඔබගේ CV එක තව දුරටත් බලනවද කියන තීරනයට එනව ගොඩක් වෙලාවටපිලිවෙලට ඉන්න, professional පින්තූරයක් උදව් වෙන්න පුලුවන්තමන්ගෙ CV එක වෙනුවෙන් කාලය යොදවන්න.නොමිලයේ CV එකක් හදාගන්න පුලුවන් websites තියෙනවඑහෙමත් නැත්නම්, මුදල් ගෙවා පිටින් කරගන්න. ඔබගේ අවශ්යතාවයට සහ වෙලාව තියෙන අනුව වැඩේ කරගන්නනමුත්.. බාගෙට හදපු incomplete CV එකක් /එහෙම නැත්නම් contents overload කරපු messy CV එකක් තමන් කැමතිම රැකියාවකට යවල, ඒ රැකියා අවස්තාව නිරපරාදෙ නැති කරගන්න එපාඔබට ජයමම සන්ජීව