Monday, 20 September 2021

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

 


Covid ප්රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව


නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම අපහසුතාවයට පත්කරන තැනක් තමයි විදේශ සේවා කුටිය.

අපි මේ ගැන කතා කරමු, දැනුවත් වෙමු

1. විදේශ රැකියා කාර්යාන්ශයට පුලුවන් විදේශ රැකියාවලට (විශේශයෙන්ම මැදපෙරදිග) යන අයගෙන් ඔවුන් විසින්ම සාදාගත් SLBFE insurance එක ගෙවන්න බලකරන්න

2. ඔබ විදේශ ගත වෙන්නෙ Employment visa එකකින් නම්, ඔවුන්ට අදාල මුදල් කලින්ම ගෙවන්න. Airport counter එකෙන් ගෙවන්න ගියහම ප්රශ්න / delays ඇති වෙන්න පුලුවන්

3. අවුරුදු දෙකෙන් දෙකට, මේ insurance fee එක අලුත් කරගන්න.

4. නමුත්, ඔබ විදේශ ගත වෙන්නෙ Visit visa එකකින් නම්, SLBFE එකට ඔබගේ ගමන නැවැත්වීමට කිසිම නීතිමය අයිතියක් නැහැ

ඔවුන්, ඔබ visit visa එකකින් ගිහින්, විදේශ රැකියාවක් සොයාගන්නවාද කියන එක ප්රශ්න කරයි. ඔවුන්ට ඔබව human trafficking වෙනව කියල වැටහුනොත්, අවශ්ය තීරන ගන්න පුලුවන් ඔබගේ ආරාක්ශාව වෙනුවෙන්.

5. ඔබ ගැහැනු කෙනෙක් නම්, ඔබගේ visit visa එක හදන කෙනා ඉන්නෙ Middle East රටක නම්, ඔවුන්ට කියන්න ඒ රටේ තියෙන Sri Lankan embassy එකෙන් pre approval එකක් ගන්න කියල, ඔබ වෙනුවෙන් (මේ එන්නෙ, මම දන්න කෙනෙක් මමයි sponsor කරන්නෙ කියල)

ඒ ලියුම අතේ අරගෙන travel කරන්න

එහෙම නැත්නම්, SLBFE HQ එකට ගිහින් approval එක ගන්න ලිකිතව. එයාල කියන දේ record කරගන්න පුලුවන් නම්.

6. Airport එකේ ඉන්න SLBFE අයට ඔබව බයකරන්න දෙන්න එපා, ඔබ යන්නෙ genuine විදිහට නම්. දැනුම තියෙන කෙනෙක්ව සම්බන්ද කරගන්න. Airport police එකත් තියෙනව හදිසියක් උනොත්. Complain කරන්න. වෙන හැම දෙයක්ම Video කරන්න, පස්සට වටිනව.

7. Dubai /Abu Dhabi embassy වලට මේ ප්රශ්නෙ ගැන මම කතාකලා. ඔවුන්ට කිසිම උනන්දුවක් හෝ ඕනෑකමක් නැහැ මේ ප්රශ්නෙට විසදුමක් දෙන්න

8. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, එන්නෙ රැකියාවකට නම්, work visa එකෙන් fly කරන්න. Visit visa එකකින් එන්න හදන්න එපා. ප්රශ්න ඇති වෙන්නෙ එතකොට. හොර කූට Agents ල visit වලින් කට්ටිය රට යවල, අතරමන් කරනව

සන්ජීව
(c) Jobs4lankans - Sep 21, 21

Wednesday, 11 August 2021

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව සංචාරක නීති : මගීන් දැනගත යුතු කරුණු 10 ක් (Aug 11, 2021 update)

 



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හදිසි අර්බුද හා ආපදා කළමනාකරණ අධිකාරිය අඟහරුවාදා මෙරටට පියාසර කිරීමට කැමති සංචාරකයින් සඳහා සංශෝධිත මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අනුමත කරන ලද කොවිඩ් -19 එන්නත විදේශයන්හි ලබා ගත් අයට සිය විස්තර සහ එන්නත් සහතික මෙහි බලධාරීන් සමඟ ලියාපදිංචි කළ හැකි බව අධිකාරිය පවසයි.

රට තුළ ප්‍රකාශයට පත් කරන ලද නවතම සංචාරක යාවත්කාලීන කිරීම් වල සාරාංශයක් මෙන්න:

1. පැමිණෙන පුද්ගලයින් සඳහා ලියාපදිංචිය ICA  APP සහ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය https://ica.gov.ae/en/. සංචාරය කිරීමට කැමති අය පුද්ගලික හා විදේශ ගමන් බලපත්‍ර විස්තර පිරවීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ලිපිනය, පසුව එන්නත් විස්තර උඩුගත කිරීම සහ සාක්ෂි එකතු කිරීම ආරම්භ කළ යුතුය.

2. සංචාරකයින්ට අගෝස්තු 15 සිට ලියාපදිංචිය ආරම්භ කළ හැකිය.

3. මෙම කාලය තුළ සංචාරකයින්ගේ ආරක්ෂිත ගමනාගමනය සහතික කිරීම සඳහා, ICA UAE ස්මාර්ට් හෝ www.smartservices.ica.gov.ae යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔවුන්ගේ විස්තර ලියාපදිංචි කර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

4. එන්නත් ලබා ගත් අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබා දී ඇති ප්‍රතිලාභ භුක්ති විඳීමට කැමති සංචාරකයින් සඳහා එන්නත් සහතික ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නොවේ.

5. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුමත එන්නත් වල සහතික පත් පමණක් සහතික කරන අතර, පිළිගත් සහතික AlHosn APP එකේ පෙන්වනු ඇත.

6. මේ අතර, AlHosn APP එක නව විශේෂාංග සමඟ යාවත්කාලීන කර ඇත. යාවත්කාලීන කරන ලද යෙදුම මඟින් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල සහ එන්නත් කිරීමේ තත්ත්‍වය මත පදනම් වූ පරිශීලකයින්ගේ 'ග්‍රීන් පාස් ප්‍රොටොකෝලය' තත්ත්වය පිළිබිඹු වේ.


7. යෙදුම වර්ණ තුනකින් සමන්විතයි - කොළ, අළු සහ රතු. ග්‍රීන් යන්නෙන් අදහස් කරන්නේ සෘණ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය තවමත් වලංගු බවයි; අළු යනු එහි වලංගුභාවය කල් ඉකුත් වී ඇති බවයි; සහ රතු යනු පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක බවයි.


8. එතිහාඩ් එයාර්වේස් පාකිස්තානයෙන්, ශ්‍රී ලංකාවෙන් සහ බංග්ලාදේශයෙන් ගුවන් මගීන් පියාසර කරන්නේ අබුඩාබි හි ගමන් කරන්නේ නම් පමණි. එතිහාඩ් ප්‍රකාශකයෙක් පැවසුවේ “පියාසර කළ හැක්කේ සංක්‍රමණික මගීන්ට පමණක්” යනුවෙන් ය. රාජ්‍ය තාන්ත්‍රිකයින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් සහ රන් වීසා බලපත්‍රලාභීන් සඳහා නිදහස් කිරීම්.


9. ඩුබායි වීසා බලපත්‍ර හිමි විදේශයන්හි අතරමංව සිටින මගීන්ට දැන් එතිහාඩ් එයාර්වේස් හි අබුඩාබි බලා පියාසර කළ හැකි බව ගුවන් සමාගම පවසයි. මෙම පැහැදිලි කිරීම පැමිණෙන්නේ සෙනසුරාදා එයාර් ඉන්දියා සංචාරක නියෝජිතයින් වෙත නිකුත් කළ චක්‍ර ලේඛනයෙන් මගීන් ගොඩ බැසිය යුත්තේ තම පදිංචි එමිරේට්ස් ප්‍රදේශයට පමණක් බවයි.

10. ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු රටවල සිට ඩුබායි බලා යන අයට කොවිඩ් -19 එන්නත් සහතිකයක් තවදුරටත් අවශ්‍ය නොවේ. මෙය විශේෂිත වන්නේ ඩුබායි බලා යාමට මිස වෙනත් එමිරේට්ස් වෙත නොවේ.

source https://www.khaleejtimes.com/coronavirus-pandemic/uaes-new-travel-rules-10-things-passengers-should-know 

Thursday, 5 August 2021

Issues in travelling back to UAE from CMB (Aug 06, 2021)

 

- ලොකු ප්රශ්නයක් -
UAE වලින් කිව්වනෙ UAE Resident visa තියෙන, Vaccine දෙකම UAE වලින් ගහපු අයට ලන්කාවෙන් එන්න පුලුවන් කියල
පැය හයකට කලින් Covid Rapid test එකක් කරන්න කියල තමයි කලින් කියල තිබ්බෙ
නමුත්, ඊයෙ Colombo Airport එකෙන් Emirates flight එකේ Dubai එන්න හිටපු හැමෝවම ආපහු හරවල එවල.
හේතුව, UAE govt එකෙන් ආපහු circular එකක් ගහල, එයාලට අවශ්ය Covid Rapid PCR test එකක results කියල. ඒ test එක දැනට ලන්කාවෙ නැහැ
මේ තත්වය මත, දැනට ආපහු UAE යන්න පුලුවන් හොදම මාර්ගය Maldives හරහා. එහෙ තියෙනව මේ ටෙස්ට් එක
මාලදිවයිනෙන් ඊයෙ EK flights Dubai ගියා. අද EK flights හයක් schedule වෙලා තියෙනව Dubai යන්න
ලන්කාවේ Covid situation එක නරක අතට හැරෙන නිසා, ආපහු මේ ඔක්කොම වෙනස් වෙලා, ලන්කාව හැම රටෙන්ම block වෙන්නත් ඉඩ තියෙනව
ඊයෙ සිද්දියට ලන්කාවෙදි මුහුන දුන් අය ඉන්නව නම්, අදහස් දක්වන්න
මේ ගැන මාව දැනුවත් කරපු Madushanka Tharaka මල්ලිට .. ස්තූතියි
සන්ජීව - Aug 6, 2021

Sri Lankan passengers with UAE residency : Travel Process to Dubai via Male (as of August 06, 2021)

 You can only travel if you have received both doses from UAE only. As of now, if you have been vaccinated from Sri Lanka, the airlines are not accepting

1. First, obtain the GDRFA or ICA Approval. (Originating Port as Male)

a. Dubai Resident Visa Holders: (Valid for 30 Days)
https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx



b. Other Emirates Visa:  https://smartservices.ica.gov.ae/echannels/web/client/guest/index.html#/registerArrivals

2. Book your tickets to Male (Sri Lankan Airlines is the available option. 75,000LKR – 80,000LKR is the average Ticket Price) and to Dubai. (4 Daily Emirates Flights and 2 Fly Dubai flights are available. Average ticket price is 1,400AED – 1,600AED) If you are transiting, make sure you have sufficient time to do the PCR and check-in. 

3. Get your PCR done. It needs to have a QR code and less than 48 hours. (8,000 LKR Average)

4. Get your Vaccination Report hard copy from Al Hosn App.

5. Within 24 hours prior to departure please fill this Maldives Immigration form and keep the QR code with you. https://imuga.immigration.gov.mv/ethd/create




5. Do another PCR at Maldives. You can do it at https://www.treetophospital.com/ Cost is around $50

[Make sure to request with QR code. The default format they have doesn't have a QR code.]

6. Get your rapid PCR done at Male Airport prior to departure. ($75) Test results within 30-45 minutes. 

Dr. Usama Clinic Located close by Departure Entrance next to Tourist Police Station





Your documents will be validated at the check-in counter. If your Rapid PCR is not taken less than 4 hours and your PCR is not less than 48 hours, they will not accept you on the flight.

Once you have landed in Dubai, they will check the PCR report only. And that’s it. If they ask from where you are coming, always mention from the Maldives.

Thursday, 27 May 2021

මචන් ජොබ් වීසා ගහනව ද ? ( ජොබ් වීසා මාෆියාව)

 මචන් ජොබ් වීසා ගහනව ද ?  ( ජොබ් වීසා මාෆියාව)

ගොඩක් අය කතා කරලා මෙහෙම අහනවා.

නැහැ අපි ජොබ් වීසා ගහන්නේ නැහැ.හැබැයි අපි කන්ඩායමක් එකතු කරන්න උත්සාහ කරනවා කවදා හරි කෙනෙක්ට විදේශගත වෙන්න ඕනේ උනොත් එයා හොරෙක්ට වංචාකාරයෙක්ට අහු නොවී හරි තැනට යන්නේ කොහොමද කියන එක හොයා ගන්න.
මම කියන්නේ නෑ මේ ලංකාවේ ඉන්නේ ඔක්කොම මිනිස් ජාවාරම්කාරයෝ කියලා.නමුත් සාතිශය බහුතරය අපේ කොල්ලන්ව අන්දනවා.

ඉතින් ජොබ් වීසා කතාව කියන්නෙත් මේකෙ තියන තවත් එක මාෆියාවක්.

සමහර විට වීසා එක රවුන්ද හතරැස්ද කියලාවත් නොදන්න අටේ දහයේ කාමරයක් කුලියට අරන් ඒජන්සි කෑල්ලක් කරන මනුස්සයෙක් ගාවට ගිහින් කුට්ටිය පිටින් සල්ලි දීලා පස්සේ අඩනවා කියන්නෙම මෝඩකමක් කියලා උගන්නන්න අමුතුවෙන් පෝස්ට් දාන්න ඕනේත් නැහැ.

ඉතින් ජොබ් වීසා ගැන හොයද්දි ගොඩක් අය නොසලා හරින එක තැනක් තමයි " ශ්රී ලංකා විදේශ සේවා කාර්යශය"
ඔයා පුලුවන් එයාලගේ වෙබ් අඩවියෙන් රැකියා ගැන හොයලා බලන්න.මොකද රජය විසින් වගකීමක් ඇතුව කෙරෙන වැඩ සටහන් තමයි එතන තියෙන්නේ ඒ වගේම ඒ ආයතන ගැනත් රජය විසින් යම් සොයා බැලීමක් කරනවා.හන්දි ගානේ අටවලා තියන අට්ටාල ඒජන්සි වලට සල්ලි පූජා කරන්න කලින් පොඩ්ඩක් SLBFE එකට ගිහින් බලන්න.
කතා කරලා අහන්න...
මෙන්න ලින්ක් එක,

http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp

මෙතනින් ගිහින් රට සිලෙක්ට් කරලා බලන්න ඔයාට ඇබෑර්තුගැන දැන ගන්න පුලුවන්.

කොහොම උනත් මට කියන්න ඕනේ උනේ හැමවෙලේම විමර්ශනය කරන්න.
තොරතුරු හොයන්න,

මේ දවස් වල අලුතෙන්ම යන අලුත්ම ජාවාරම ගැන පුංචි ඔත්තුවක් දෙන්නම්.
දැනටමත් කිහිපදෙනෙක්ම මේකට අහු වෙලා ඉන්නේ සහ මට කතා කරපු හැමෝටම මම පොලිසියට පැමිනිලි කරන්න කියලා දැනුවත් කරා.කවුරු හරි කියනවා නම් මල්ලි ලක්ශයක් දෙන්න හෙට ජොබ් ඔෆර් එක දෙනවා කියලා ආයේ ඒ පැත්තවත් නොබලා දුවපන්...එහෙම ජොබ් දෙන්න පිටරට අයට පිස්සු නැහැ

අහලා බලන්න අපේ කොල්ලෙක් ජොබ් එකක් කරන්න කොච්චර කාලයක් ඉගන ගන්නවා ද කොච්චර කැපකිරීම් කරනවා ද කියන එක.
එතකොට ඔයාට හිතා ගන්න පුලුවන් ජොබ් එකක් ගන්න තියන පාර ගැන.අනිත් එක ලියුම් කෑලි වලට රස්සා දෙන්න ඒ ලංකාව නෙමෙයි.එහෙම ලියුම් ගත්ත මල්ලිලාට කියන්න තියෙන්නේ ලගම පොලිසියට යන්න.වංචාව පිලිබදව පැමිනිලි කරන්න.
සල්ලි ආපහු ලැබෙයි ද නොලැබෙයි ද දන්නේ නෑ හැබැයි තව එකෙක් අහු නොවෙන්න ඒ උදව්ව කරන්න...

ඩුබායි, අබුඩාබි, ශාජා, රසල්කයිමා වල ඕන තරම් ඉන්නව බොරු කියල, බොරු කරල ගෙනත් දාපු ලන්කාවෙ අය .. කන්න බොන්න ඉන්න තැනක් නැතුව

මේ හැමෝම ලොකු මුදලකුත් ගෙවල ආපු අය. දැන්වත් මේවට අහුනොවී ඉම්මු

මොන ප්රශ්න තිබ්බත් ලන්කාවෙ, හොරුන්ට අහුවෙලා, තවත් අමාරුවෙ වැටෙන්න එපා ..

- මුල් සටහන මලින්ත ලක්මාල් ගෙ

මම ටිකක් වෙනස් කලා middle east cover වෙන්න

Tuesday, 18 May 2021

How to write an effective CV

 :: How to write an effective CV ::


ඔබ රැකියාවක් සොයමින් ඉන්න කෙනෙක්


මනස සැහැල්ලුවෙන්ම තියෙන අවස්තාවක් නෙමෙයි. කලබලෙන් /අසරනකමින් ඉන්න වෙලාවක්.

මගෙ CV එක කියවයිද ? මට interview call කරයිද ? හොද රැකියාවක් ලැබෙයිද ? පඩි කොහොම වෙයිද ? ප්රශ්න ගොඩයි

CV එක යැව්ව .. මට experience තියෙනව .. සුදුසුකම් තියෙනව .. ලස්සන පින්තූරයක් දැම්ම .. නමුත්, කිසිම උත්තරයක් තාම නැහැ

මේක අපි අතරෙ ඉන්න ගොඩක් අයට සිදු වෙන දෙයක්

අපි බලමු මොකද්ද වෙන්නෙ කියල මෙතන

1. ඔබගේ CV එක, ඔබගේ Sales Agent කියල හිතා ගන්න .. CV එක තමයි ඔබ කවුද කියන එක CV එක බලන කෙනාට කියන්නෙ.

CV එක බලන කෙනා external recruiter කෙනෙක් නම්, ඔබට සිදු වෙනවා ඔහුගේ / ඇයගේ සිත දිනාගන්න. එතකොට තමයි ඔබගේ CV එක End Client ට submit කරන්නෙ එයාල.

ඒක නිසා, CV එක ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඔබගේ CV එක ඔබගේ අනාගතයේ සහකරු වගේම අනාගතය අදුරු කරන කෙනා වෙන්නත් පුලුවන්

ඔබ දැනට ඉන්න තැනේ හැටියට අපිට අපේ CV එක වර්ග කරන්න පුලුවන්

a) අද්යාපනය ලගදි ඉවර කරපු අය (experience එක අඩුයි, energy එක වැඩියි).

b) අවුරුදු පහක් වගේ experience එක තියෙන, තාම තමන්ගෙ career path එක හදාගන්න උත්සාහ කරන අය. රැකියාවෙ stream එක වෙනස් කරන්න අකමැති නැහැ මේ අය

c) අවුරුදු දහයක් වගේ experience තියෙන matured අය. ගොඩක් අවස්තාවල මේ අය තමන් දැනට ඉන්න stream එකේම රැකියාවක් හොයන්නෙ

මේ අයගෙ CV වල structure එක සහ අන්තර්ගතය වෙනස්. ඒක නිසා හැමෝම එකම CV format එකක් පස්සෙ දුවන්න හදන්න එපා

CV වර්ග දෙකක් තියෙනව
- Chronological (traditional) CV
- Skill based (Functional) CV

අද්යාපනය ලගදි ඉවර කරපු අයට Traditional CV type එක ගැලපෙනව

Experience තියෙන අයට Skill based CV type එක වඩාත් ගැලපෙනව

2. තමන් කැමති CV format එකක් තෝරගන්න. නමුත් පාට පිරුනු fancy formats තෝර ගන්න එපා. බලන කෙනාට ලේසියෙන් කියවන්න පුලුවන් විදිහට CV එක හදන්න

3. CV එකේ format එක ගැන කල්පනාකාරී වෙන්න

උඩ යට / දෙපැත්තේ margins තියන්න. A4 print එකේදි, කිසිම content එකක් කැපෙන්න දෙන්න එපා

Footer එකක් දාන්න .. page #s .. CV එකේ නම

CV එක ඇතුලෙ භාවිතා කරන Font face එක සහ Font size එක ගැන ඉතාමත් කල්පනාකාරී වෙන්න.

හැමෝටම කියවන්න ලේසි පහසු font එකක් තෝරාගන්න

- Arial
- Calibri
- Tahoma
- Georgia
- Trebuchet
- Verdana
- Centuary Gothic

Font size එක ගොඩක් ලොකු කරන්නත් එපා. පොඩි කරන්නත් එපා.

100% screen size එකෙන් බලන්න. නැත්නම් print කරල බලන්න

Headings and sub-headings හරියට භාවිතා කරන්න

4. CV header

ඔබගේ නම දාන්න උඩින්ම. නමේ භාවිතා වෙන පලවෙනි සහ දෙවෙනි නම දාන්න .. ඒ ඇති

ලන්කාවේ අයගෙ නම් ගොඩක් දිගයි. ඒ ඔක්කොම දාන්න එපා CV එකේ පලවෙනි පිටුවෙ

Font එක 14-16 වගේ උනාට කමක් නැහැ

ඊට පස්සෙ, ඔබගේ contact details දාන්න

Phone numbers දෙකක් ඇති. මතක ඇතුව මේ phones charge කරල ලග තියා ගන්න (mute එකේ නැතුව)

Email ID එක දාන්න.

Naughty_kaushi@gmail.com, mad_sampath@yahoo.com වගේ fancy email IDs භාවිතා කරන්න එපා CV එකක

ඔබගේ වල, ඔබම කපා ගැනීමක් ඒක

එච්චරයි. ගෙදර address එක අවශ්ය නැහැ

5. පින්තූරයක් දැමීම

යුරෝපා රටවල පින්තූර දාන්නෙ නැහැ CV එකේ.

නමුත් ME රටවල /ලන්කාවෙ, මූනත් තහඩුව, හමේ පාට රැකියාවට බලපානව (කරන්න දෙයක් නැහැ ඒකට)

Professional /high quality ලගදි ගත්තු color පින්තූරයක් භාවිතා කරන්න

පිරිමි - රැවුල /කොන්ඩෙ පිලිවෙලට කපන්න. Shirt එක iron කරන්න. Collar එක ලස්සනට තියාගන්න. Tie එකක් /suit එකක් භාවිතා කරනවනම්, පිලිවෙලට

ගැහැනු - Makeup වැඩියෙන් අවශ්ය නැහැ .. ඇදුම ගැන සිතන්න. Deep cut - skin over exposed (සින්හලෙන් කිව්වොත් කැලි එලියෙ දාගෙන ඉන්න) පින්තූර භාවිතා කරන්න එපා CV එකට

6. CV එකේ අන්තර්ගතය / Contents

a) අද්යාපනය ලගදි ඉවර කරපු අයගෙ CV එකේ තියෙන්න අවශ්ය මේ දේවල්

- Contact information
- Personal statement
- Education
- Work experience (if you’ve got none, skip this section)
- Skills
- Social works
- Honors and Awards
- Volunteer Experience
- Certifications and Trainings
- Personal Info
- Hobbies and Interests

b) Mid - Senior Level experience තියෙන අයගෙ CV එකේ මේ දේවල් තියෙන්න අවශ්යයි

- CV header with name and contact details
- Personal profile
- Clear Objective
- Skills and Key Achievements
- Work Experience summary
- Work experience breakdown
- Academic Qualifications
- Professional Experience
- Certifications / Trainings
- Personal info
- Hobbies and Interests

ඔබගේ රැකියාවට අනුකූල වෙන personal profile / objective / skills samples ඕන තරම් තියෙනව internet එකේ.

හැබැයි බොරු දාන්න එපා CV එකේ. තමන්ගෙ personality එකට ගැලපෙන දේවල් විතරක් දාන්න

Interview එකේදි බොරු දාපු CV එකක් හරිම ලේසියෙන් අල්ල ගන්න පුලුවන්.

Experience තියෙන අය, එකම දේ ගොඩක් පාරක් ලියන්න එපා. (Under each company they have worked). Summarize කරන්න experience and skills

හැම ආයතනයකම වැඩකරපු දේවල් ගොඩාක් දාන්න එපා. Items 5-6 ක් ඇති

Font size එක ගැන අවබෝදයෙන් ඉන්න. 10-11 වගේ හොදයි (font trype එක මත)

Sub headers / Tabs භාවිතා කරන්න පිලිවෙලට

7. වැඩකරපු පරන company වල logos දාන්න එපා. websites දාන්න එපා.

අනවශ්ය පාට පුරවපු, වැඩකෑලි දාපු formats වලට යන්න එපා.

මම දැකල තියෙනව experience සහ qualifications ගොඩක් තියෙන අයගෙ CV. අපිලිවෙලයි, තොරතුරු වැඩියි, මුල අග හොයා ගන්න බැහැ

කිසිම content එකක් photo වශයෙන් දාන්න එපා. ATS app වලට ඒව කියවන්න බැහැ

8. CV එක පිටු දෙකකට සීමා කරගන්න බලන්න. ඊට වැඩි උනොත්, ඒ අවුරුදු 15 කට වඩා experience වැඩි, ශේත්ර ගොඩක වැඩකරපු අයගෙ

9. CV එකේ grammar සහ spelling check කරන්න අමතක කරන්න එපා

ඉතා වැදගත්

10. CV එක හදල ඉවර උනහම ඒක හරියට save කරන්න.

පැහැදිලි file name එකක් දීල

CV of xxxx_xxxxx.doc
CV of xxxx_xxxxx.pdf

ගොඩක් recruiters ල CV එක එවන්න ඕන format එක කියනව.

හරියට ජොබ් පෝස්ට් එක කියවල, අයදුම් කරන්න

11. දැන් තියෙන Automated Applicant Tracking System (ATS) වලට PDF read කරන්න පුලුවන්

ඔබ කලයුත්තේ, ඔබේ CV එකේ key words පුලුවන් තරම් තියා ගන්න එක.

මේ තියෙන්නෙ CV එකක තියෙන්න අවශ්ය key words වලට sample එකක්

" xxxxxxx xxxxxxxx xxxxxxxx 5 years professional graphic design experience xxxxxxx xxxxxxxx xxxxxxxx Proficient in Adobe Photoshop CC xxxxxxx xxxxxxxx xxxxxxxx Image database management skills xxxxxxx xxxxxxxx xxxxxxxx "

--- Summary ---

මතක තියා ගන්න .. පලවෙනි පිටුව සහ පලවෙනි තප්පර 10 තමයි ඔබගේ CV එක ගැන තීරණය ගන්නෙ

CV එක බලන කෙනා මේ කාලය තුල ඔබ ගැන, ඔබගේ CV එක තව දුරටත් බලනවද කියන තීරනයට එනව ගොඩක් වෙලාවට

පිලිවෙලට ඉන්න, professional පින්තූරයක් උදව් වෙන්න පුලුවන්

තමන්ගෙ CV එක වෙනුවෙන් කාලය යොදවන්න.

නොමිලයේ CV එකක් හදාගන්න පුලුවන් websites තියෙනව

එහෙමත් නැත්නම්, මුදල් ගෙවා පිටින් කරගන්න. ඔබගේ අවශ්යතාවයට සහ වෙලාව තියෙන අනුව වැඩේ කරගන්න

නමුත්.. බාගෙට හදපු incomplete CV එකක් /එහෙම නැත්නම් contents overload කරපු messy CV එකක් තමන් කැමතිම රැකියාවකට යවල, ඒ රැකියා අවස්තාව නිරපරාදෙ නැති කරගන්න එපා

ඔබට ජය

මම සන්ජීව

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...