ඔවුන් රට හැර ගියහොත් සියලු දඩ මුදල් වලින් නිදහස් වේ
අනන්‍යතාවය සහ පුරවැසිභාවය සඳහා වූ ෆෙඩරල් අධිකාරිය (ICA) විසින් පදිංචිය උල්ලංගනය කරන්නන්ට ලබා දී ඇති සහන කාලය තවත් මාස තුනක් දක්වා දීර්ග කරන බව ප්‍රකාශ කර තිබේ.
ICA හි විදේශ කටයුතු හා වරාය අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සයීඩ් රකාන් අල් රෂීඩි මහතා පැවසුවේ සහන කාල සීමාව අගෝස්තු 18 සිට නොවැම්බර් 17 දක්වා ක්‍රියාත්මක වන අතර මාර්තු 1 ට පෙර Resident වීසා බලපත්‍ර වල කල් ඉකුත් වූ අයටත් මෙය අදාල බවයි.
වැඩිපුර රැඳී සිටින්නන් රට හැර ගියහොත් දඩ මුදල් වලින් නිදහස් වේ.
අල් රෂීඩි පැහැදිලිවම කියා සිටියේ ඇතුල්වීමේ හා පදිංචිය පිළිබඳ නීතිය උල්ලංගනය කරන්නන් සියලු දෙනා අලුත් නිතිය යටතේ ආවරණය කරන බවත්, උල්ලංගනය කරන්නන් රට හැර ගියහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම තහනම් නොකරන බවත්ය.
අබුඩාබි, සාජා සහ රාස් අල් කයිමා ගුවන්තොටුපළවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමට අපේක්ෂා කරන වීසා බලපත්‍රලාභීන් ගුවන් ගමනට පැය 6 කට පෙර පැමිණිය යුතු බව ඔහු අවධාරණය කළේය.
මේ අතර, ඩුබායි ගුවන්තොටුපළ හරහා රට හැර යාමට කැමති අය ගුවන් යානයට පැය 48 කට පෙර පර්යන්තය අසල සිවිල් ගුවන් සේවා ආරක්ෂක මධ්‍යස්ථානයේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතුය.
රට හැර යාමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා අධිකාරිය සුවිශේෂී පියවර රැසක් ගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.
1. විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම
2. ටිකට්පත මිලදී ගැනීම
3. සංචාරයේ දිනයට පෙර පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානය (deportation center) එක වෙත පැමිණීම
නිවාඩු දින හැර සතියේ සෑම දිනකම උදේ 8 සිට රාත්‍රී 10 දක්වා සියළුම විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙහෙයුම් කාමරයක් සහ ගාස්තු රහිත අංක 800453 ක් වෙන් කර ඇත.
New Source GulfNews
No comments:
Post a Comment