Thursday, 2 April 2020

Covid - 19 - Whats going on in UAE ?


COVID-19 නිසා හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා තියෙන මොහොතක, රැකියවල් කරන නොකරන ඔයාල හැමෝමත් එක්ක වගේම රැකියාවල් හොයන සහ රැකියාවල් හොයාගෙන මෙහේ එන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝමත් එක්ක මේ කරුණු ටික බෙදා ගන්න හිතුනා..

JOB MARKET එක හිතා ගන්නවත් බැරි තටමට ඩවුන් වේවී මේ කොරෝනා වසන්ගතය නිසා. ඒ වගේම මේ අව්රුද්ද ඉවර වෙනකම්ම නව රැකියා උතපාදනය වේවි කියලා නම් හිතන්න අමාරුයි.

කම්කරු දෙපාර්තමේන්තුවේන්ම ජොබ් කට් කරන්න, සැලරි අඩු කරන්න, අන්පේඩ් ලිව් යවන්න අවසර දීලා තියෙන නිසා,
@ මේ වෙලාවේ ඔයාලගේ කලර්ස් පෙන්නන්න,
@ඇටිටියුඩ් පෙන්නන්න යන්නේ නැතිව,
සද්ද වහලා පාඩුවේ රස්සාව කරන් ඉන්න එක තමා හොදම දේ.. !

තව දෙයක්,
බොහොම දෙනෙකුට රැකියාවල් නැති වෙනවා කියන්නේ ලෝකල් ජොබ් මාර්කට් එක UAE එක්ස්පීරියන්ස් තියෙන අයගෙන් පිරෙනවා කියන එකයි. එතකොට ආයෙමත් මෙහාට අලුතෙන් එන අයට තියෙන චාන්ස් එක අඩු වෙනවා. සරලවම කියනවා නම් විසිට් ඇවිත් ජොබ් හොයා ගන්න අමාරු වේවී. කෙනෙක්ව පුරුදු කරනවට වඩා පුරුදු කෙනෙක්ව වැඩට ගන්න එක කම්පැනි එකකට ලාබයි වගේම,මේ වෙලාවේ ජොබ් එක නැති උන මොලේ තියෙන මනුස්සයෙක් බලන්නේ කොහොම හරි ජොබ් එකක් හොයන් සවයිව් වෙන්න, සැලරි එක කීය උනත් කමක් නැහැ කියලා.. එතකොට විසිට් එන අලුත් අයට තියෙන අවස්තා නැත්තටම නැති වෙන තරම් වේවි.

අනිත් එක, හැම වෙලාවෙම තියෙන රස්සාව පරිස්සම් කරගන්න බලන්න. පඩි අඩු කරයි. කම්පැනි අයිතිකාරයෝ සද්ද දායි. කලින් වගේ " මම යනවා ලේබර් එකට කම්ප්ලේන් කරන්න" කිව්වට වැඩක් වෙන්නේ නැහැ. හොදම දේ මොන කට්ටක් කාලා හරි තියෙන රස්සාව පරිස්සම් කර ගන්න එක.

මේ තත්ත්වයත් එක්ක කම්පැනි වලින් අයින් කරන්න වැඩිම අවධානමක් තියෙන්නේ
- අව්රුදු 50කට වඩා වැඩි නම්
- Performance සම්බන්ධයෙන් ගැටලු තිබුන නම්
- දීර්ග කාලීනව සෞඛ්‍යය ගැටලු තිබුන නම්
- ප්‍රොබේශන් එකේ ඉන්නවා නම්
- විනය විරෝදී ක්‍රියාකාරකම් නිසා වෝර්නින් ලෙටර්ස් එහෙම ලැබිලා තියෙනවා නම් කියන අයව වෙන්න පුලුවන්.
මීට අමතරව කවුරු කොහොම මොනවා කිව්වත්, ඔයාලා කොයි තරම් හොදට වැඩ කරත්, ඔයාගේ ලොක්කා ඔයාට කැමති නැත්නම්, අන්න ඔයත් ඉන්නේ අවධානම් කලාපයක.

ඔයාලව මොන විදියට,මොන හේතුව නිසා අයින් කරත්, කම්පැනි එක කියන්නේ කොරෝනා නිසා කම්පැනි එකට වර්ක් ෆෝස් එකක් මේන්ටේන් කරන්න බැහැ කියලා නම්, ගවර්මන්ට් එකෙන් ඒ කතාව, කතා දෙකක් නැතිවම පිලිගන්නවා.

හදිස්සියේවත්, ඔයාව ටර්මිනේට් උනොත්, පුලුවන් තරම් කාරුණිකව ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න. ඔයාට ලැබෙන්න තියෙන දේවල් කම්පැනි එකත් එක්ක කතා කරලා ඉල්ල ගන්න. කම්පැනි එකට එගේන්ස්ට් වෙලා, කම්පැනි එකෙන් කිව්වොත් දෙන්න සල්ලි නැහැ කියල, එතකොට ඉතින් නැහැම තමයි. ඔයාට කිසිම සහනයක් කොහෙන්වත් හම්බෙන්නේ නැහැ.

අන්තිමට, රස්සාවල් හොයලා දෙන කාක්කොන්ට අහු වෙන්න එපා. අන්තිමට සල්ලිත් නැහැ රස්සාවත් නැහැ. ඒ වගේම විසිට් වීසා ගහන්න නොදන්න මිනිස්සුන්ට සල්ලි දීලා රැවටෙන්නත් එපා. ෆ්‍රීරීලාන්සර් වීසා කියලා එක එක කම්පැනි වලින් දෙන වීසා අරන්, එලියේ වැඩ කරන්නම් කියලා අහු වෙන ජොබ් එකක් කරන්න ලෑස්ති වෙන්නත් එපා. හෙට වෙනකොට මොනවයින් මොනවා වේවිද දන්නේ නැහැ.

ඔයාට ෂුවර් නැත්නම්, ඔයාට කන්ෆිඩන්ට් නැත්නම් UAE වල සවයිව් වෙන්න පුලුවන් කියලා මේ දේවල් එක්ක, අනේ පුලුවන් තරම් ඉක්මනින් අපේ රටට යන්න. අමතක කරන්න එපා, අපි UAE වල වතුර ගන්නෙත් සල්ලි වලට කියලා.. මෙහේ ඉන්න නම් සල්ලි ඕන. සල්ලි ඕන නම් රැකියාවක් කරන්නම ඕන.

හැමෝම එහෙමම් පරිස්සමට, ගෙවල්වලට වෙලා ඉන්න.. #Stayhome #Staysafe

මම,
එරන්දි නානායක්කාර

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...